අස්වැසුම පළමු අදියර, නොවැම්බර් මාසයට අදාළ ප්‍රතිලාභී දීමනාව හෙට (13) දිනයේ දී බැංකු ගතකරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව එකොළොස් බිලියන දෙසිය තිස් දෙමිලියන හාරසිය අටදහස් හත්සිය පනහක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,738ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.
එමෙන්ම අස්වැසුම දෙවන අදියර ප්‍රතිලාභීන්ගේ 2025 ඔක්තෝම්බර් මස දීමනාව, ඔක්තෝම්බර් මස තුළ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ දෙවන අදියර ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස හිඟ දීමනාව ද සමඟ ඊයේ (11) දිනයේ ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කර තිබෙනවා.
ඒ, අනුව ප්‍රතිලාභී පවුල් 226,951 අතරේ බෙදාහරින ලද මුළු මුදල් ප්‍රමාණය රුපියල් එක් බිලියන නවසිය හැටහතර මිලියන එකසිය විසිඑක් දහස් දෙසිය පනහක්.





