අස්වැසුමෙන් ජුලි මාසයේ සිට ලක්ෂ 80කට සහනාධාර

අස්වැසුම වැඩසටහන මගින් ජූලි මාසයේ සිට පවුල් ලක්ෂ 20කට අයත් පුද්ගලයන් ලක්ෂ 80කට අධික පිරිසකට සහන සැලසෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඊයේ (13) කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මෙම සහනාධාර ලැබීමට නුසුදුසු අය පිළිබඳව ද සොයා බැලීමක් සිදු කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සියඹලාපිටිය මහතා…

රටේ ඇතිවුන සුවිශේෂී ආර්ථික ප්‍රශ්ණය නිසා ආර්ථික වර්ධන වේගය පසුගිය වසරේ 7.8% ඍන වුනා කියල ඒ කියන්නේ හැම අයකුගෙම ජීවනෝපාය දුර්වල වුණා. කඩා වැටුණා. යැපුම් මට්ටමේ හිටපු කෙනා ද්‍රරිද්‍රතා රේඛාව ආසන්නයේ හිටපු කෙනා ඉන් පහලට කඩා වැටුනා. ලක්ෂ 70 අධික පිරිසක් ද්‍රරිද්‍රතා රේඛාවෙන් පහලට වැටුන ජීවනෝපාය කරගන්න බැරි තැනට වැටුනා රජය මේක අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා අස්වැසුම වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ පවුල් ලක්ෂ 20 සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබා දෙන්න. පවුල් ලක්ෂ 20 ඒ කියන්නේ අපේ රටේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන්නේ පවුලක සාමාජික සංඛ්‍යාව 3.8 කියල දල වශයෙන් පවුලකට 4 දෙනෙක්. ඒ කියන්නේ අපි පවුල් ලක්ෂ 20 සහනාධාර දෙනව කියන්නේ පුද්ගලයන් ලක්ෂ 80 දෙනව කියන එකයි. සාමාන්‍යයෙන් ලක්ෂ 80 එහා ගිය පිරිසකට අස්වැසු මගින් සහනාධාර දෙනව ජුලි මාසේ සිට. ඒ වගෙම මෙම සහනාධාර ලැබීමට නුසුදුසු අය පිළිබඳවත් සොයා බලනවා. ඒ සඳහා තොරතුරු සොයා බැලීම සඳහා සමාජ සුභ සාධන පණත ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව තොරතුරු දෙන්නා වගේම තොරතුරු ලබා ගන්නාද වගකීමට බැඳි සිටිනවා. එම තොරතුරු ලබා ගැනීමෙන් පසු ගමේ ප්‍රසිද්ධ කරනවා. එමගින් සුදුස්සා කවිද නුසුදුස්සා කවුද කියල ගමේ අයට බලාගන්න පුළුවන් වගේම සුදුසු කෙනෙකුට නොලැබෙන්නේ නම් අභියාචනා දෙන්නත් පුළුවන්”..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?