අස්වැසුමට සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට තවදුරටත් සමෘද්ධිය

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සමෘද්ධි ව්‍යාපාරය හෝ සමෘද්ධි බැංකු අඩපණ කරන්නක් නොව, ආර්ථික අවදානමක් සහිත, සමාජ සුබසාධක ප්‍රතිලාභ අවැසිම ප්‍රජාව එම තත්ත්වයෙන් මුදා ගැනීම ඉලක්ක කර ගත් විධිමත් වැඩසටහනක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

සමෘද්ධි සහනාධාරය ලැබූ නමුත් අස්වැසුම වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කගේ අභියාචනා සහ විරෝධතාවන්හි විමර්ශන කටයුතු අවසන් වන තෙක් තවදුරටත් ඔවුන්ට සමෘද්ධි දීමනාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තීරණය කර තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව සමෘද්ධි දීමනාව ලබමින් අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම් කළ 1,280,000ටම සමෘද්ධි හෝ අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ දීමනාවක් හිමිවන බව ශෙහාන් සේමසිංහ පෙන්වා දෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කියාසිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා සහ විරෝධතා යළි සලකා බැලීමෙන් අනතුරුව 2024 වර්ෂය සඳහා වූ නව අයැදුම්පත් භාර ගැනීමේ කටයුතු ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ,

දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් 1,280,747ක් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ සඳහා අයැදුම් කර තිබෙනවා. ඉන් පවුල් 887,653ක් මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් “අස්වැසුම” සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කගේ අභියාචනා හා විරෝධතා පිළිබඳ විමර්ශන කටයුතු අවසන් වන තෙක් තවදුරටත් ඔවුන්ට සමෘද්ධි දීමනාව ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව තීරණය කර තිබෙනවා.

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර තිබෙන අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කඩිනමින් සිදු වෙමින් පවතිනවා. මේ අනුව අදාළ කටයුතු අවසන් වූ වහාම 2024 වර්ෂය සඳහා වූ නව අයදුම්පත් භාර ගැනීම ද ආරම්භ කිරීමට නියමිතයි.

මේ වන විට පවුල් 1,792,265ක් “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. කෙසේ නමුත් පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබා දීම රජයේ අපේක්ෂාවයි. අදාළ අභියාචනා සහ විරෝධතා පිළිබඳව යළි සලකා බැලීමෙන් පසු එම ඉලක්කය කරා ළඟා වීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.

දැනට වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත ආධාර ලබන පිරිස වෙනුවෙන් මීට පෙර ක්‍රියාත්මක වූ පරිදිම අදාළ මුදල් ගෙවීම සිදු කරනු ලබනවා. ඒ අනුව වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මගින් ද, වකුගඩු සහ ආබාධිත දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබා දීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම පූජ්‍ය පක්ෂයට හා වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ ආබාධිත මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් 11,660 දෙනෙක් වෙනුවෙන් පෙර පරිදි අදාළ දීමනා ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එම පිරිස්වලට ද නව ක්‍රමවේදයක් යටතේ “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරනවා.

“අස්වැසුම” ප්‍රතිලාභ ගෙවීම සඳහා මේ වන විට ගිණුම් ලක්ෂ 10ක් පමණ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබෙනවා. අදාළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හැකි ඉක්මණින් ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ද රජය සුදුසුකම් ලැබූ පිරිස්වලින් ඉල්ලා සිටිනවා.

“අස්වැසුම” සමෘද්ධි ව්‍යාපාරය හෝ සමෘද්ධි බැංකු අඩපණ කිරීමේ වැඩසටහනක් නොවෙයි. සමෘද්ධි බැංකු තවදුරටත් ශක්තිමත් කිරීමට සමෘද්ධි දෙපාර්තමේන්තුව, මහ බැංකුව හරහා ඒවා නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ද ඉදිරියේදී සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
5
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03