අස්ගිර මහා නාහිමිගෙන් අගමැති ඉම්රාන් ඛාන්ට ලිපියක්

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ අමානුෂීය ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පැහැදීමට පත් විය හැකි යැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වරකාගොඩ ඥානරතන මහා නා හිමියෝ ​අවධාරණය කරති.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතනය සැලවුණු සැණින්, එම ඝාතනය හෙලා දැකීමටත්, ඝාතනයට සම්බන්ධ වුණු අන්තවාදීන් කඩිනමින් නීතිය හමුවට ගෙන ඒමටත්, ඔවුන්ට නිසි දඩුවම් පැමිණවීමටත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කටයුතු කිරීම පාකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර පවතින මිතුදම් තවත් ශක්තිමත් කිරීමට හේතුවක් යැයි ද මහා නා හිමිපානෝ එම ලිපිය හරහා පෙන්වා දෙති.

ජාත්‍යන්තරයේ අවධානයට ලක් වුණු, පාකිස්තානයට කැළැලක් වූ එම ම්ලේච්ඡ සිදුවීම හෙළා දකිමින්, ඊට එරෙහිව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පියවර ගැනීම, එතුමාගේ ශක්තිමත් නායකත්වය පිළිඹිබු කිරීමක් බව ද මහා නා හිමිපානෝ යැවූ ලිපියෙහි සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හමුවේ අර්බුදවලට මුහුණ දෙද්දී, අසල්වැසියකු ලෙස මෙන්ම අවංක මිතුරකු ලෙස පාකිස්තානයේ සහාය සැමවිටම ශ්‍රී ලංකාවට හිමි වුණු බවත්, එම මිතුදම් දිගටම පවත්වා ගෙන යෑමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අපක්ෂපාතී තීන්දු තීරණ හේතුවනු ඇති බවත් මහා නා හිමිපානෝ යැවූ ලිපියෙහි වැඩි දුරටත් දැක්වෙයි.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධ සියලු වැරදිකරුවන්ට නීතියට අනුව දඩුවම් ලැබෙනු ඇති බවත් ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත පරිසරයක් පාකිස්තානයේ නිර්මාණය වනු ඇති බවත් තමන් විශ්වාස කරන බව ද හිමිපානෝ පවසති.

ඊට අමතරව, ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සුදුසු පියවර ගැනීම කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය හරහා සිදු කරන ලෙසත් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වරකාගොඩ ඥානරතන මහා නා හිමිපානෝ එම ලිපියෙන් ඉල්ලා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24