අසත්‍ය කියූ බව පවසමින් විමල්ට එරෙහිව පොලිසිය අධිකරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ නායක විමල් වීරවංශ ඊයේ (09) තංගල්ල කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශයේ පෙනී සිටීම සම්බන්ධව පොලිසිය විසින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

පසුගිය 02 වැනිදා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් වන වීරසිංහගේ සනත් නොහොත් බෙලි අත්තේ සනා නැතහොත් පුවක්දණ්ඩාවේ සනා යන සැකකරුව සම්බන්ධයෙන් පසුගිය 02 වැනිදා විමල් වීරවංශ විසින් මාධ්‍ය සාකච්ජාවක් පවත්වා සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව ආරම්භකර ඇති විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට කැඳවීම් කර තිබු බවත්, ඒ අනුව ඔහු ඊයේ (09) වන දින එම කාර්යංශයේ පෙනී සිටි බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

එහිදී ඔහු විසින් පසුගිය 22 වන දින තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධව සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව ද පිළිතුරු ලබා දී ඇති බව පොලිසිය පවසනවා.

ප්‍රශ්න කිරීම හමුවේ විමල් විරවංශ විසින් වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නැතහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය තමා විසින් කිසි දිනක දැක නොමැති බවත් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස කිසිදු අවස්ථාවක හඳුනා ගෙන නොමැති බවත් පවසා තිබෙනවා.

මත්ද්‍රව්‍ය ගෙන එන්නේ රාජ්‍ය අනුග්‍රහය මත හා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන්නේ රාජ්‍ය අනුග්‍රහය මත බව තමා පැවසුවේ පවතින පොදු තත්වය මත මිස මෙම සිදුවීම සම්බන්ධව නොවන බවත් එහිදී හිටපු මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දෙමින් පවසා තිබෙනවා.

බෙලිඅත්තේ සනා යන අය මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු බව පැවසුවේ එම දිනවල මාධ්‍ය මගින් අනාවරණය කල තොරතුරු මත බවත් පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ජනාධිපතිතුමා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී බෙලිඅත්තේ සනා නමැති සැකකරුගේ නිවසට පැමිණ ආහාර ගත් බව නොව එම ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ආහාර ගත් බව තමා විසින් දැන ගත් බවත් ඔහු පවසා ඇති බව පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා යන අය අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූයේ රාජ්‍ය අනුග්‍රහයෙන් එවැනි ප්‍රමාද කිරීමක් සිදුකළ හැකි බවට තමා තුළ පැවති විශ්වාසය හේතුවෙන් බවත් විමල් විරවංශ පොලිසියට පිළිතුරු ලබා දෙමින් පවසා තිබෙනවා.

ඒ අනුව පසුගිය 02 වැනි දින මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදු කරන ලද ප්‍රකාශ වලට අදාළව කරුණු තහවුරු කිරීමේ කිසිදු සාක්ෂියක් ඔහු විසින් ඊයේ (09) දින ප්‍රකාශ ලබා දෙන අවස්ථාවේදී ඉදිරිපත් කර නොමැති බවයි පොලිසිය පවසා සිටින්නේ.

එබැවින් දැන දැනම අසත්‍ය බව දන්නා වූ හෝ අසත්‍ය බව විශ්වාස කරන්නා වූ යම් තොරතුරක් හෝ යම් කරුණක් ප්‍රකාශ කිරීම සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදු කරනු කිරීමට නියමිත් බවත් තවදුරටත් මේ සම්බන්ධව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවත් පොලිසිය නිවේදනයේ සඳහන්කර තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
18
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සයුරපුර මහල් නිවාස සංකීර්ණයට හදිසියේම STF එකෙන් කඩා ප#යි..ගෙවල්වලට ෆුල් සුද්දයක් දෙන්නේ
01:16
Video thumbnail
අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අවුරුදු 2ක කාලයක් යයි
10:25
Video thumbnail
පුද්ගලයෙකුගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..කාර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:10
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි
00:42
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
00:00
Video thumbnail
මොනාද අනුර කුමාර මේ කරන පජාත වැඩ..?
07:29
Video thumbnail
පෙළපාලියේ සිංහයාගේ අනුරුව පිළිකන්නට දාලා?ණයවෙලා ගේන ඩබල් කැබ්වල යන්නත් එපා අභිමානයක් නෑ
07:51
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59


?