අවුරුදු 13ට වැඩි සියලුම දැරියන්ට සනීපාරක්ෂක තුවා වෙනුවෙන් දීමනාවක් (වීඩියෝ)

2026 වසරේ දී සිදුකරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා වන ආරම්භක ප්‍රතිසංස්කරණයන් මෙම වසරේ දී ආරම්භභ කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පළමු ශ්‍රේණිය හා හයවන ශ්‍රේණිය සිට ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

එම ප්‍රතිසංස්කරණයේ දී විද්‍යාපීඨ  ප්‍රතිසංස්කරණය කරමින් එම පුහුණු විධිමත්කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ගැලපෙන ගුරුවරු නිර්මාණය කිරීමටද කටයුතු කරන බවයි ඇය පැවසුවේ.

වර්තමානයේ දී පවතිනුයේ සැළලිහිණි සංදේශය පැවති සමය දක්වා දිවෙන ශතවර්ෂ ගණනාවකට එහා දිවෙන ගුරු පුහුණුවක් බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරමින් පාසල් තුළ දරුවන්ට අවශ්‍යය යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කරන බවත්; දරුවන් පාසල් අතහැරයාමේ ප්‍රතිශතය අඩු කිරීම සඳහා ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් අස්වැසුම වැඩසටහන මගින් දරුවන්ට දීමනාවක් ලබාදීමට ද වත්මන් රජය කටයුතු කර ඇති බවත් සිහිපත් කර සිටියා.

එමෙන්ම වයස අවුරුදු දහතුනට වැඩි සියලුම දැරියන්ට සනීපාරක්ෂක තුවා වෙනුවෙන් දීමනාවක් ලබාදීමට ද කටයුතු කරන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පාසල් පද්ධතියට පමණක් නොව උසස් අධ්‍යාපනය වෙනුවෙන් ද ක්‍රියාත්මක කරන අතර අධ්‍යාපන ක්‍රමය තුළ පිරිමි දරුවන් රැඳෙන තත්ත්වයේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බැවින් නව විෂයන් එක්කරමින් සියලුම දරුවන් අධ්‍යාපන තුළ රඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඇය පැවසුවා.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ‘ මැයෙන් අනුරාධපුර ජාතික තරුණසේවා සභාව ශ්‍රවණාගාරයේ දී පැවැති දිස්ත්‍රික් කාන්තා සුහද හමුවේ දී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?