අවුරුදු සමයේ මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 35000ක් – විශේෂ වැඩපිළිවෙළකුත්

එළඹෙන සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුද්ද උදාවත් සමග මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි ඇතුළු උත්සවවල දී මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ උත්සව සමයේ දී මහජනතාව විශාල වශයෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන වෙළෙඳසැල් වෙත පැමිණීම අපේක්ෂා කරන බැවින් කොළඹ කොටුව, පිටකොටුව (ගාලුමුවදොර), බොරැල්ල, කිරුළපන හා බම්බලපිටිය යන ප්‍රදේශවලට මෙන් ම ආගමික ස්ථාන පිහිටි ප්‍රදේශවලට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 6000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම ප්‍රදේශවල ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කරගැනීමට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වනු ඇති.

දිවයින පුරා උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව සහ රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන් 35000කට අධික සංඛ්‍යාවක් යෙදවීමට ද කටයුතු කර තිබෙනවා.

මෙම කාලසීමාව තුළ දී රථවාහන නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් වෙත අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?