අවුරුදු සමයේ මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 35000ක් – විශේෂ වැඩපිළිවෙළකුත්

එළඹෙන සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුද්ද උදාවත් සමග මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි ඇතුළු උත්සවවල දී මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ උත්සව සමයේ දී මහජනතාව විශාල වශයෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන වෙළෙඳසැල් වෙත පැමිණීම අපේක්ෂා කරන බැවින් කොළඹ කොටුව, පිටකොටුව (ගාලුමුවදොර), බොරැල්ල, කිරුළපන හා බම්බලපිටිය යන ප්‍රදේශවලට මෙන් ම ආගමික ස්ථාන පිහිටි ප්‍රදේශවලට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 6000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම ප්‍රදේශවල ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කරගැනීමට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වනු ඇති.

දිවයින පුරා උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව සහ රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන් 35000කට අධික සංඛ්‍යාවක් යෙදවීමට ද කටයුතු කර තිබෙනවා.

මෙම කාලසීමාව තුළ දී රථවාහන නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් වෙත අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට - රැඳවියන් හතර අතේ දුවයි
01:19
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතුලත බලය STF සහ පොලිසිය අතට ගනී...
00:43
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි
01:17
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි
02:06
Video thumbnail
ක්‍රොන්ක්‍රීට් පියන් උස්සන් රැඳවියෝ ඇතුළේ දාන සෙල්ලම - පොලිසියත් උඩ ඉදන් බලන් ඉදියි
01:57
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි - අර්චුනා ඇතුළු ප්‍රබලයින් එයි
01:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:54:18
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි - පාලනයට කඳුළු ගෑස් ග#යි
02:57
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් මෙල්ල කරන්න කඳුළු ගෑස්...
00:10
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඇතුලේ රැඳවියන්ගේ ලොකු ප්ලෑන් එකක්...
00:12