අවුරුද්දක් වයසැති දියණිය සමග මවක් වැවකට පනී (ඡායාරූප)

අවුරුද්දක් පමණ වයසැති තම බිළිඳිය සමග කාන්තාවක් වැවකට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස වැවට පැන ඇත්තේ ලිඳුල ලෝගි වත්තේ පදිංචිව සිටි 26 හැවිරිදි කාන්තාවක් බවයි අනාවරණ වී ඇත්තේ.

තම සැමියාගෙන් සහ සැමියාගේ ඥාතීන්ගෙන් තමන්ට සහ දියණියට හිරිහැර සිදු වන බවට මෙම කාන්තාව පිටු තුනක ලිපියක් ලියා එම ලිපිය, විවාහ සහතිකය සහ ජාතික හැඳුනුම්පත වැව අසල අද උදෑසන සිඟිත්තිය සමග නිවස අසල පිහිටි වැවට පැන ඇති බව සඳහන්.

කාන්තාවගේ සිරුර වැවෙහි පාවෙමින් අතර සිඟිත්තියගේ සිරුර අතුරුදන් වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

8 2
7 1
6 3
4 3
3 5
1 5
2 5
5 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
13
+1
0
+1
0
+1
56
+1
12
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?