AFC Banner
AFC Banner
Empty Ad

අවි ගබඩාවෙන් පැන්නූ ටී-56 සමඟ නාවික සෙබළා අත්අඩංගුවට

ටී-56 වර්ගයේ ගිනි අවියක් සමඟ නාවික හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේ පිහිටි සැකකාර නාවික සෙබළාගේ නිවස අද (16) අලුයම් කාලයේ පරික්ෂා කිරීමේ දී මෙම අවිය හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ සමඟ අත්අඩංගුවට ගැනුණු නාවික සෙබළා 2021 වසරේ දී කොළඹ වරාය රංවල කඳවුරට අනුයුක්ත අවි ගබඩාව භාරව සේවය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම කාලය තුළ අවි ගබඩාවෙන් ටී-56 වර්ගයේ ගිනි අවියක් අස්ථාන ගතව තිබූ බවත්; සොයාගත් ගිනි අවිය එම අවිය බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර සෙබළා ගිනිඅවිය ද සමඟ වැලිසර නාවික හමුදා කඳවුරට භාර දී ඇති අතර, අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිසියට භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?