අවිධිමත් අංශයේ රැකියාත් සේවක අර්ථසාධක අරමුදලට එක් වෙයි?

අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයන් සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක කරගැනීමට විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු ව තිබෙනවා.

ඒ විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වුණු අවස්ථාවේදීයි.

ශ්‍රම වෙළෙඳපොළට අදාළ තොරතුරු එක්රැස් කිරීමට තොරතුරු පද්ධතියක් සකසන බව ද කම්කරු දෙපාර්තමේන්තුව කාරක සභාවට දන්වා තිබෙනවා.

අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයන් සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක කරගැනීම පිළිබඳ ව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වූ බවත්; සේවා අංශයේ අවිධිමත් අංශයේ රැකියාවන්වල නියුක්ත වූ පිරිස 60%ක් පමණ වන බවත්; එම පිරිස ද සේවක අර්ථ සාධක අරමුදලට දායක කරගැනීම මගින් ඔවුන්ගේ සමාජ ආරක්ෂණය ඉහළ නැංවිය හැකි බව ද කාරක සභාව
අවධාරණය කරනු ලැබුවා.

වර්තමානයේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවන ආයතන 80,000ක් පමණ කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බව කාරක සභාවේ දී සාකච්ඡාවට බඳුන් ව තිබෙනවා.

ඒ අනුව එම සමාගම් ගණන ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා සේවක අර්ථ
සාධක අරමුදල් ගෙවීම සඳහා ලියාපදිංචි නොවූ සමාගම් සියල්ල හඳුනාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බවයි වාර්තා වන්නේ.

කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ලක් කිරීමේ මූලික පියවර ගෙන ඇති බව කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළා.

ජාතික ශ්‍රම වෙළෙඳපොළ තොරතුරු පද්ධතිය නමින් ශ්‍රම වෙළෙඳපොළට අදාළ තොරතුරු එක්රැස් කිරීමේ ඩිජිටල් ක්‍රමවේදයක් සැලසුම් කර ඇති බව ද කාරක සභාව හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් එම නිලධාරීන් ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47