අවසර ලැබුණු දා සිට මේ දක්වා රජය සහල් මෙට්‍රික් ටොන් 79,000ක් ගෙන්වලා

දෙසැම්බර් මස 04 වැනි දින රජය විසින් සහල් ආනයනයට අවසර ලබා දෙනු ලැබීමේ දින සිට මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් 79,000ක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගු අධිකාරිය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ; 41000ක් තැම්බූ සහල් බවත් ඉතිරි 31,000 කැකුළු සහල් වශයෙන් ආනයනය කර ඇති බවයි.

මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් අද (31) දිනයේ දී ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටොන් 780ක ප්‍රමාණයක් නිෂ්කාෂණය සඳහා අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බව ද වාර්තා වනවා.

අදාළ සහල් තොගය නිසි ප්‍රමිතියෙන් යුතු බවට සහතික කිරීමෙන් පසු ව කඩිනමින් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එමෙන්ම වාණිජ නීතිගත සංස්ථාව විසින් පළමු වරට මෙලෙස සහල් ගෙන්වූ බවත් ඉදිරියේ දී ඔවුන්ගේ සහාය හිමිවනු ඇතැයි විශ්වාස කරන බා ද හෙතෙම පැවසුවා.

සෙසු භාණ්ඩවලට වඩා සහල් නිදහස් කිරීමට වැඩි අවස්ථාවක් ලබාදෙන බව ද රේගු අධිකාරිය වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21