අවසන් ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාවට කාසියේ වාසිය – පැතුම්, ළහිරු හා රමේෂ් කණ්ඩායමට

වෝර්න් – මුරලි ටෙස්ට් කුසලානයේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවුණා.

අද (06) තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන අතර කාසියේ වාසිය දිනූ නායක ධනංජය ද සිල්වා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

අද තරගය ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකයෙකු වශයෙන් කටයුතු කළ දිමුත් කරුණාරත්න සිය 100 වැනි ටෙස්ට් තරගයට අද දිනයේ දී එක්වෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් නිල වශයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන්.

එමෙන්ම තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමේ වැඩිම වගකීම ඇත්තේ ද ශ්‍රී ලංකාවටයි.

මන්දයත් ඔස්ට්‍රෙලියාව පළමු තරගය ජයගෙන තිබීම නිසාවෙන්.

අද තරගයට ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරණයට පැතුම් මෙන්ඩිස් කැඳවා තිබෙනවා.

පන්දු බලඇණිය වෙනුවෙන් අසිත ප්‍රනාන්දු ඉවත් කර ළහිරු කුමාර සහ වැන්ඩර්සේ ඉවත් කර රමේෂ් මෙන්ඩිස් එක් කර තිබෙනවා.

ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ටොඩ් මර්ෆි ඉවත් කර ජාත්‍යන්තර මංගල ටෙස්ට් වරම් දිනා ගනිමින් Cooper Connolly එක් ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26