AFC Banner
AFC Banner
Empty Ad

අවසන් ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාවට කාසියේ වාසිය – පැතුම්, ළහිරු හා රමේෂ් කණ්ඩායමට

වෝර්න් – මුරලි ටෙස්ට් කුසලානයේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවුණා.

අද (06) තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන අතර කාසියේ වාසිය දිනූ නායක ධනංජය ද සිල්වා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

අද තරගය ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකයෙකු වශයෙන් කටයුතු කළ දිමුත් කරුණාරත්න සිය 100 වැනි ටෙස්ට් තරගයට අද දිනයේ දී එක්වෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් නිල වශයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන්.

එමෙන්ම තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමේ වැඩිම වගකීම ඇත්තේ ද ශ්‍රී ලංකාවටයි.

මන්දයත් ඔස්ට්‍රෙලියාව පළමු තරගය ජයගෙන තිබීම නිසාවෙන්.

අද තරගයට ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරණයට පැතුම් මෙන්ඩිස් කැඳවා තිබෙනවා.

පන්දු බලඇණිය වෙනුවෙන් අසිත ප්‍රනාන්දු ඉවත් කර ළහිරු කුමාර සහ වැන්ඩර්සේ ඉවත් කර රමේෂ් මෙන්ඩිස් එක් කර තිබෙනවා.

ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ටොඩ් මර්ෆි ඉවත් කර ජාත්‍යන්තර මංගල ටෙස්ට් වරම් දිනා ගනිමින් Cooper Connolly එක් ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?