අවසන් ටෙස්ට් තරගයේ දී ඉන්දියාවෙන් ඔස්ට්‍රෙලියාවට හොඳ පීඩනයක්

බෝඩර් – ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (04) අලුයම 05ට සිඩ්නි හි දී ආරම්භ වුණා.

සංචාරක ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය දිනා ගනිමින් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 185ක් රැස් කළා.

ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන්ගෙන් ඊයේ දිනයේදිත් දියාරු පිතිකරණයක් නිරූපණය වූ අතර ඔවුන් වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ රිෂාබ් පාන්ට්.

පාන්ට් ලකුණු 40ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ස්කොට් බෝලන්ඩ් කඩුලු 04ක්, මිචෙල් ස්ටාක් කඩුලු 03ක්, පැට් කමින්ස් කඩුලු 02ක් සහ එක් කඩුල්ලක් ලියෝන් බිඳ හෙලුවා.

සිය පළමු ඉනිමට පිතිකරණය ඇරඹි ඔස්ට්‍රෙලියානු කණ්ඩායම මේ වනවිට කඩුලු 05ක් බිඳ වැටී ලකුණු 101ක් ලබා සිටිනවා.

ස්ටීවන් ස්මිත් ලකුණු 33කට දැවී යද්දී සෑම් කොන්ස්ටාස් ලකුණු 23කට දැවී ගියා.

06 වැනි කඩුල්ලට පිටියේ රැඳී සිටින්නේ බියු වෙබ්ස්ටර් සමගින් ඇලෙක්ස් කේරි.

කඩුලු බිඳ දැමීමේ දී බුම්‍රා සහ සිරාජ් කඩුලු 02ක බැගින් බිඳ හෙලූ අතර එක් කඩුල්ලක් ප්‍රසිද්ධ් ක්‍රිෂ්ණාට හිමිවුණා.

ඔස්ට්‍රෙලියානු පළමු ඉනිම දිවා ආහාරයට තරගය නතර කරන විට ලකුණු 84ක් පළමු ඉනිමට වඩා ඉන්දීය කණ්ඩායමේ පසුපසින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10