අවසන් කුඹල් පෙරහැරට විශේෂ රථ වාහන සැලැස්මක්

ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද (25) රාත්‍රී සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

රාත්‍රී හත පසුවී මිනිත්තු දෙකට නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාල පෙරහර සමඟින් පිටත්වන ඇසළ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කර රජවීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදු වනවා.

ඇසළ පෙරහැරේ සිව්වන කුඹල් පෙරහර ඊයේ (24) වීදි සංචාරය කළ අතර එහිදී සධාතුක පෙරහර කරඬුව වැඩම කරවන ලද්දේ කැලණිය රජ මහ විහාරයට අයත් කණ්ඩුල ඇතු විසින්.

එම ඇතු මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක පෙරහර කරඬුව වැඩම කරවන පළමු අවස්ථාව ද එයයි.

මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා ඇසළ පෙරහැරෙහි ගමන් ගත් අතර දියවඩන නිලමේවරයා නියෝජනය කරමින් ඔහු ගමන් කළ පළමු අවස්ථාව ද එයයි.

පෙරහර නැරඹීම සඳහා අද දිනයේද විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගීව සිටි අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

පෙරහර ගමන් ගන්නා මාර්ගය දෙපස ගොඩනැගිලි සහ මහජනයා පරීක්ෂා කිරීම් ඇතුලුව ආරක්ෂිත වැඩසටහන් රැසක් ආරක්ෂක අංශවල මැදිහත්වීම මත මෙම කාලය තුළ සිදු කෙරෙනවා.

පොලිසිය සඳහන් කළේ රන්දෝලි පෙරහැර සඳහා විශාල ජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි.

පසුගිය දිනවල සාර්ථක ආරක්ෂක ක්‍රමවේදයක් පොලිසිය ක්‍රියාත්මක කළ අතර පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාව විශේෂ පරීක්ෂාවකට ලක් කිරීම ද ඊට අයත්.

අලි ඇතුන්ගේ සංවේදිභාවයට හානිවන අහිතකර කටයුතුවලින් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6000ක් රාජකාරිවල යොදවා ඇති අතර රථවාහන තදබදයකින් තොරව ගමන් කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම පෙරහැර නැරඹීමට පැමිණීමේදී අනවශ්‍ය  දෑ රැගෙන යාමෙන් වළකින ලෙසට ද දැනුම් දෙනවා.

WhatsApp Image 2023 08 25 at 13.42.38
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?