සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ඌරු මස් හා සොසේජස් ඇතුළු මස් ආශ්‍රිත නිෂ්පාදන තොගයක් ඊයේ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රය ආසන්නයේදී විනාශ කෙරුණා. ඒ අධිධාරිතාවෙන් යුත් උෂ්ණත්වයක් යටතේයි.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතියකින් තොරව උත්සව සමයේ මෙරට වෙළෙඳ පොළට නිකුත් කිරීම සදහා චීනයේ සිට මෙරටට ආනයනය කර තිබූ විවිධ මස් වර්ග කිලෝ 3239ක් පසුගිය දා පොලිස් අත්අඩංගුවට ගැනුණා.
මෙම මාංශ තොගයට, තාරා මස් කිලෝග්‍රෑම් 2560, කුකුල් මස් කිලෝග්‍රෑම් 171ක්, තායිවාන් ග්‍රිල් සොසේජස් කිලෝග්‍රෑම් 56ක්, තාරා ඔලු කිලෝග්‍රෑම් 132ක්, ඌරු මස් කිලෝ 12ක්, කුකුලු තටු කිලෝ 20ක් සහ ස්විට් කෝන් රෝල් සොසේජස් කිලෝ
288ක් ඇතුළත් වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම සත්ව ආහාර තොගය පරීක්ෂාවට ලක් කිරීමේදී එතුළ තිබූ අප්‍රිකානු වෛරසයක් සොයා ගැණුනා.
එම වෛරසය සූකර උණ පැතිරවීම සඳහා බලපෑම් ඇති කරන වෛරසයක් බවටයි අදාළ රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ සූකර උණ වෛරසය වාර්තා නොවන නමුත් යම් හෙයකින් මෙම නිෂ්පාදන තොගය වෙළෙඳ පොළට මුදා හැරුණේ නම් ඒ හරහා එම රෝගය ශ්‍රී ලංකාව තුළද පැතිර යා හැකිව තිබුණා.
කෙසේ වෙතත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ මෙම මස් තොගය ඊයේ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රය ආසන්නයේදී අධිධාරිතාවෙන් යුත් උෂ්ණත්වයක් සහිත යන්ත්‍රයකින් විනාශ කෙරුණා.













