අවධානය නිසා වෛරසයක් පැතිර යාම වළකී

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ඌරු මස් හා සොසේජස් ඇතුළු මස් ආශ්‍රිත නිෂ්පාදන තොගයක් ඊයේ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රය ආසන්නයේදී විනාශ කෙරුණා. ඒ අධිධාරිතාවෙන් යුත් උෂ්ණත්වයක් යටතේයි.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතියකින් තොරව උත්සව සමයේ මෙරට වෙළෙඳ පොළට නිකුත් කිරීම සදහා චීනයේ සිට මෙරටට ආනයනය කර තිබූ විවිධ මස් වර්ග කිලෝ 3239ක් පසුගිය දා පොලිස් අත්අඩංගුවට ගැනුණා.

මෙම මාංශ තොගයට, තාරා මස් කිලෝග්‍රෑම් 2560, කුකුල් මස් කිලෝග්‍රෑම් 171ක්, තායිවාන් ග්‍රිල් සොසේජස් කිලෝග්‍රෑම් 56ක්, තාරා ඔලු කිලෝග්‍රෑම් 132ක්, ඌරු මස් කිලෝ 12ක්, කුකුලු තටු කිලෝ 20ක් සහ ස්විට් කෝන් රෝල් සොසේජස් කිලෝ
288ක් ඇතුළත් වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම සත්ව ආහාර තොගය පරීක්ෂාවට ලක් කිරීමේදී එතුළ තිබූ අප්‍රිකානු වෛරසයක් සොයා ගැණුනා.

එම වෛරසය සූකර උණ පැතිරවීම සඳහා බලපෑම් ඇති කරන වෛරසයක් බවටයි අදාළ රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ සූකර උණ වෛරසය වාර්තා නොවන නමුත් යම් හෙයකින් මෙම නිෂ්පාදන තොගය වෙළෙඳ පොළට මුදා හැරුණේ නම් ඒ හරහා එම රෝගය ශ්‍රී ලංකාව තුළද පැතිර යා හැකිව තිබුණා.

කෙසේ වෙතත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ මෙම මස් තොගය ඊයේ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රය ආසන්නයේදී අධිධාරිතාවෙන් යුත් උෂ්ණත්වයක් සහිත යන්ත්‍රයකින් විනාශ කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28