අලුතින් නිකුත් කරන්න හදන පාස්පොට් එක

ඉන්දියාව විසින් මයික්‍රෝ චිප් එකකින් සමන්විත ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පියවරගෙන ඇත.

ඒ අනුව මෙම නව විදේශ ගමන් බලපත්‍රයේ ඇති මයික්‍රෝ චිප් එක් තුල ජෛවමිතික දත්ත ඇතුලත් කිරීමට නියමිත අතර එමගින් වඩා ආරක්ෂිතව ජාත්‍යන්ත ගමන් වල නිරත වීමට අවස්ථාව හිමිකර දීම අරමුණ වේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන අන්දමට මෙම නව විදේශ ගමන් බලපත්‍රය නුදුරේදීම නිකුත් කිරීමට නියමිතය.

අදාල විදේශ ගමන් බලපත්‍ර ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව නිකුත් කිරීමට නියමිත බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය පවසන අන්දමට මේවන විට ලොවපුරා රාජ්‍යන් සියයකට අධික සංඛ්‍යාවක් සහ එක්සත් ජාතින්ගේ සංවිධානය මේ වන විටත් ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබයි.

කෙසේ වෙතත් ලොව ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලප්‍රයන් 1998 වර්ෂයේදී මැලේසියාව විසින් නිකුත් කරනු ලැබී අතර ඒවන විට ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය ඊට අදාල නිර්ණායක හඳුනාවා දී නොතිබිණි.

ඒ අනුව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ නිර්නායකයන්ට අනුකූලව බෙල්ජියම විසින් ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරනු ලැබීය.

කෙසේ වෙතත් දකුණු ආසියාවේ ප්‍රථමයෙන්ම මෙම විදේශ ගමන් බලපත්‍ර 2020 වර්ෂයේදී බංගලාදේශය විසින් නිකුත් කරනු ලැබීය.

මෙම නව විදේශ ගමන් බලපත්‍ර මගින් ඉතා කාර්යක්ෂමව ආගමන විගමන කටයුතු ඉතාම පහසුවෙන් සිදුකිරීමටත් ගුවන් තොටුපොලවල ඇති තදබදය අවම කිරීමටද හැකියාව පවතී.

මේ අතර නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර මගින් ව්‍යාජ තොරතුර ඇතුලත් කරමින් විදේස් ගතවීම් වැලැක්වීමට ද හැකියාව ලැබෙන අතර එමගින් වඩාත් ආරක්ෂාකාරීව ජාත්‍යන්තර සංචරණයට ඉඩ සැලසෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?