අලුතින් නිකුත් කරන්න හදන පාස්පොට් එක

ඉන්දියාව විසින් මයික්‍රෝ චිප් එකකින් සමන්විත ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පියවරගෙන ඇත.

ඒ අනුව මෙම නව විදේශ ගමන් බලපත්‍රයේ ඇති මයික්‍රෝ චිප් එක් තුල ජෛවමිතික දත්ත ඇතුලත් කිරීමට නියමිත අතර එමගින් වඩා ආරක්ෂිතව ජාත්‍යන්ත ගමන් වල නිරත වීමට අවස්ථාව හිමිකර දීම අරමුණ වේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන අන්දමට මෙම නව විදේශ ගමන් බලපත්‍රය නුදුරේදීම නිකුත් කිරීමට නියමිතය.

අදාල විදේශ ගමන් බලපත්‍ර ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව නිකුත් කිරීමට නියමිත බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය පවසන අන්දමට මේවන විට ලොවපුරා රාජ්‍යන් සියයකට අධික සංඛ්‍යාවක් සහ එක්සත් ජාතින්ගේ සංවිධානය මේ වන විටත් ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබයි.

කෙසේ වෙතත් ලොව ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලප්‍රයන් 1998 වර්ෂයේදී මැලේසියාව විසින් නිකුත් කරනු ලැබී අතර ඒවන විට ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය ඊට අදාල නිර්ණායක හඳුනාවා දී නොතිබිණි.

ඒ අනුව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ නිර්නායකයන්ට අනුකූලව බෙල්ජියම විසින් ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරනු ලැබීය.

කෙසේ වෙතත් දකුණු ආසියාවේ ප්‍රථමයෙන්ම මෙම විදේශ ගමන් බලපත්‍ර 2020 වර්ෂයේදී බංගලාදේශය විසින් නිකුත් කරනු ලැබීය.

මෙම නව විදේශ ගමන් බලපත්‍ර මගින් ඉතා කාර්යක්ෂමව ආගමන විගමන කටයුතු ඉතාම පහසුවෙන් සිදුකිරීමටත් ගුවන් තොටුපොලවල ඇති තදබදය අවම කිරීමටද හැකියාව පවතී.

මේ අතර නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර මගින් ව්‍යාජ තොරතුර ඇතුලත් කරමින් විදේස් ගතවීම් වැලැක්වීමට ද හැකියාව ලැබෙන අතර එමගින් වඩාත් ආරක්ෂාකාරීව ජාත්‍යන්තර සංචරණයට ඉඩ සැලසෙනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06