විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව 2026/02 නමින්, මෙරට සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාලවලට නිකුත් කර ඇති නව චක්‍ර ලේඛයට විරෝධය දක්වමින්, අද (19) දිනයේදී කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
අදාළ චක්‍ර ලේඛනය නිකුත් කිරීමෙන් පසුව විශ්ව විද්‍යාල තුළ ශිෂ්‍යයන් විසින් සංවිධානය කරනු ලබන සියලුම වැඩසටහන් අධික්ෂණය කිරීම සඳහා විශ්ව විද්‍යාලයේ වගකිව යුතු නිලධාරියෙක් සම්බන්ධ කර ගැනීම වැනි කරුණු හරහා විශ්වවිද්‍යාල තුළ පවතින නිදහස් වටපිටාව මර්ධනය කිරීමට උත්සහ දරන බවයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පවසන්නේ.
නවකවදය තුරන් කිරීමේ මුවාවෙන් ගෙන එනු ලබන මෙවැනි අණපනත් සඳහා ඉදිරියේ දී අඛණ්ඩ ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වැඩිදුරටත් සඳහන් කළා.



