අලුත් අවුරුදු දා උදෑසනම කිලිනොච්චියේ මනුෂ්‍ය ඝාතනයක් (ඡායාරූප)

පහරදීමකින් හා තියුණු ආයුධයකින් සිදුකළ කැපීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් කිලිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේ දී අද (01) අලුයම මියගොස් ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

කිලිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26ක තවකුමාර් සුරේෂ් නමැති තරුණයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහර කෑමෙන් තුවාල ලබා සිටි තරුණයා ප්‍රදේශවාසීන් විසින් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර,එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

පහරදීම සිදුකළ පිරිස හෝ පුද්ගලයා සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බවයි කිලිනොච්චිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර තිබෙනවා.

මේ අතර දෙපිරිසක් අතර වූ ගැටුමක් දුරදිග යාම හේතුවෙන් අදාළ ඝාතනය සිදුව ඇති බවට ආරංචියක් පවතින බවයි ප්‍රදේශවාසීන් පැවසූවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?