අලුත් අවුරුද්දේ එළවළුත් කන්න බැරිවෙන ලකුණු (වීඩියෝ)

මේ දිනවල එළවළු මිල අහස උසට ගොස් ඇති පසුබිමක ඇතැම් ප්‍රදේශවල අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1800ක් දක්වා වැඩි වී තිබෙනවා.

තොග වෙළඳුන් පෙන්වා දෙන්නේ බොහෝ එළවලු ග්‍රෑම් 250ක මිල රුපියල් තුන්සීයේ සීමාවට ළඟා වී ඇති බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පසුගිය කාලසීමාව පුරා නොකඩවා ඇඳ හැළුනු වර්ෂාවත් සමග ඇති වු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එළවලු වගාවන්ට දැඩි හානි සිදුව තිබුනා.

මේ හේතුවෙන් බොහෝ ආර්ථික මධ්‍යස්ථානවලට සැලකිය යුතු තරම් එළවලු තොග නොලැබීම හේතුවෙන් මෙලෙස එළවලු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි තොග වෙළඳුන් පෙන්වා දෙන්නේ.

වෙළඳුන් පවසන්නේ වර්තමානයේ පවතින එළවලු හිඟය ලබන වසරේ අප්‍රේල් උත්සව සමය දක්වාම පැවතිය හැකි බවයි.

වෙනත් දිනවලට සාපේක්ෂව මේ දිනවල පෑලියගොඩ මැණිං වෙළඳපලට හා ආර්ථික මධ්‍යස්ථානවලට දෛනිකව ලැබිය යුතු එළවළු තොගවලින් 25% ක ප්‍රමාණයක්වත් නොලැබෙන බව තොග වෙළදුන් පවසනවා.

මේ අතර, අධික ලෙස අමු මිරිස් මිල ඉහළ ගොස් ඇති අතර බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1200ක පමණ මට්ටමකට ඉහළ ගොස් තිබුනා.

වෙළඳුන් පෙන්වා දෙන්නේ වටිනා බඩු භාණ්ඩ රැකගන්නා ආකාරයෙන් වෙළඳපළ වෙත ගෙන එන අමු මිරිස් ගෝනි ආරක්ෂා කිරීමට සිදුව ඇති බවයි.

මේ අතර සිල්ලර වෙළඳුන් පැවසුවේ තමන්ට අමු මිරිස් කිලෝවක් අලෙවි කිරීමට සිදුව ඇත්තේ රුපියල් 1800ක පමණ මිලකට බවයි.

ඒ් අනුව අමු මිරිස් කරලක මිල ආසන්න වශයෙන් රුපියල් 15ක් පමණ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10