අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන ජනතාවට පොදු ප්‍රවාහනය ගැන විශේෂ දැනුම්දීමක්

එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අතිරේක බස් රථ 1000ක් පමණ එක් කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අවසර ලබා දී තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ හෙට (10) සිට අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් වෙත පිටත් ව යන ජනතාවට වේලාසනින් ම බස් නැවතුම්පොළට පැමිණෙන ලෙසයි.

එලෙස පැමිණීම තදබදයකින් තොරව ගම්බිම් බලා යාමේ දී පහසු විය හැකි බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

අධිවේගී මාර්ගයේ තදබදයක් ඇතිවීමට හැකි බැවින් එසේ වුවහොත් අතිරේක බස් රථ යෙදවීමට බලධාරීන් කටයුතු කරන බවත් එම බස් රථ ගාස්තු ලෙස අර්ධ සුඛෝපභෝගී බස් රථයක ගමන් ගාස්තු අය කරන බවයි ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.

දීර්ඝ නිවාඩුවක් ඇති බැවින් නැවත කොළඹ දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීම අප්‍රේල් මස 17 – 20 තෙක් ආරම්භ වන බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08