අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන ජනතාවට පොදු ප්‍රවාහනය ගැන විශේෂ දැනුම්දීමක්

එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අතිරේක බස් රථ 1000ක් පමණ එක් කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අවසර ලබා දී තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ හෙට (10) සිට අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් වෙත පිටත් ව යන ජනතාවට වේලාසනින් ම බස් නැවතුම්පොළට පැමිණෙන ලෙසයි.

එලෙස පැමිණීම තදබදයකින් තොරව ගම්බිම් බලා යාමේ දී පහසු විය හැකි බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

අධිවේගී මාර්ගයේ තදබදයක් ඇතිවීමට හැකි බැවින් එසේ වුවහොත් අතිරේක බස් රථ යෙදවීමට බලධාරීන් කටයුතු කරන බවත් එම බස් රථ ගාස්තු ලෙස අර්ධ සුඛෝපභෝගී බස් රථයක ගමන් ගාස්තු අය කරන බවයි ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.

දීර්ඝ නිවාඩුවක් ඇති බැවින් නැවත කොළඹ දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීම අප්‍රේල් මස 17 – 20 තෙක් ආරම්භ වන බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?