එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අතිරේක බස් රථ 1000ක් පමණ එක් කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අවසර ලබා දී තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ හෙට (10) සිට අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් වෙත පිටත් ව යන ජනතාවට වේලාසනින් ම බස් නැවතුම්පොළට පැමිණෙන ලෙසයි.
එලෙස පැමිණීම තදබදයකින් තොරව ගම්බිම් බලා යාමේ දී පහසු විය හැකි බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
අධිවේගී මාර්ගයේ තදබදයක් ඇතිවීමට හැකි බැවින් එසේ වුවහොත් අතිරේක බස් රථ යෙදවීමට බලධාරීන් කටයුතු කරන බවත් එම බස් රථ ගාස්තු ලෙස අර්ධ සුඛෝපභෝගී බස් රථයක ගමන් ගාස්තු අය කරන බවයි ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.
දීර්ඝ නිවාඩුවක් ඇති බැවින් නැවත කොළඹ දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීම අප්‍රේල් මස 17 – 20 තෙක් ආරම්භ වන බව ද වාර්තා වනවා.














ANE WAACHAALA GEMUNU,
THIYAAGANIN UMBE MALA PERETHA, APAAYA SAHAGATHA,YAMA PALLAN WEDA KARANA OYA PRIVATE BUS TIKA.
BALAAPAN BAHUTHARAYAK SOUTH-EAST ASIAN RATAWALA PUBLIC TRANSPORT SYSTEMS KOHOMADA KIYALA