අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන්න අදත් විශාල සෙනගක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනවා.

අද උදෑසනත් ගම්බිම් බලා යෑමට විශාල පිරිසක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ වෙත පැමිණ සිටි ආකාරය දැකගත හකි වුණා.

එමෙන්ම පිටකොටුව බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් නැවතුම්පොළේ ද මගී ජනතාව විශාල පිරිසක් අද උදෑසනවන විට අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යෑමට ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම වෙනුවෙන් රැඳී සිටි බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවද සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවා ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?