අලි මිනිස් ගැටුමට විසඳුම් හොයන්න අධිකරණයෙන් නියෝගයක්

අලි මිනිස් ගැටුම අවම කිරීමට අදාළ මාර්ගෝපදේශ මාලාවක් සකස්කිරීම සඳහා සැලසුම් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණයෙ නියෝග කර තිබෙනවා.

අලි මිනිස් ගැටුම අවම කිරීමට අදාළ වන මාර්ගෝපදේශ සකස් කිරීමට ඉවහල් වන තොරතුරු හා අදහස් විමසීමේ කටයුතු දිවයින පුරා සිදු කරමින් පවතින බවයි පරිසර යුක්ති කේන්ද්‍රය අද අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවේ.

අලි මිනිස් ගැටුම අවම කිරීමට මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝග රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මීට පෙර රිට් පෙත්සමක් ගොනු කර තිබුණා.

ඒ අනුව අදාළ මාර්ගඋපදේශ මාලාව සකස් කිරීමට අවශ්‍ය තොරතුරු හා සැලසුම් අධිකරණය හමුවේ ගොනු කරන ලෙසටයි අභියාචනාධිකරණය විසින් මීට පෙර පරිසර යුක්ති කේන්ද්‍රයට නියෝගයක් නිකුත් කළේ.

අදාළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීමට අවශ්‍ය කරන තොරතුරු හා අදහස් විමසීමේ කටයුතු දිවයින පුරා සිදු කෙරෙමින් පවතින බවයි.

එම කටයුතු අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණය හමුවේ ගොනු කරන බවත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා.

අනතුරුව පෙත්සම නොවැම්බර් මස 24 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම වාර්තාව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46