spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලි මිනිස් ගැටුමට විසඳුම් හොයන්න අධිකරණයෙන් නියෝගයක්

අලි මිනිස් ගැටුම අවම කිරීමට අදාළ මාර්ගෝපදේශ මාලාවක් සකස්කිරීම සඳහා සැලසුම් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණයෙ නියෝග කර තිබෙනවා.

අලි මිනිස් ගැටුම අවම කිරීමට අදාළ වන මාර්ගෝපදේශ සකස් කිරීමට ඉවහල් වන තොරතුරු හා අදහස් විමසීමේ කටයුතු දිවයින පුරා සිදු කරමින් පවතින බවයි පරිසර යුක්ති කේන්ද්‍රය අද අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවේ.

අලි මිනිස් ගැටුම අවම කිරීමට මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝග රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මීට පෙර රිට් පෙත්සමක් ගොනු කර තිබුණා.

ඒ අනුව අදාළ මාර්ගඋපදේශ මාලාව සකස් කිරීමට අවශ්‍ය තොරතුරු හා සැලසුම් අධිකරණය හමුවේ ගොනු කරන ලෙසටයි අභියාචනාධිකරණය විසින් මීට පෙර පරිසර යුක්ති කේන්ද්‍රයට නියෝගයක් නිකුත් කළේ.

අදාළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීමට අවශ්‍ය කරන තොරතුරු හා අදහස් විමසීමේ කටයුතු දිවයින පුරා සිදු කෙරෙමින් පවතින බවයි.

එම කටයුතු අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණය හමුවේ ගොනු කරන බවත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා.

අනතුරුව පෙත්සම නොවැම්බර් මස 24 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම වාර්තාව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?