අලි නඩුවකින් මහේස්ත්‍රාත්වරයෙක් ඉවත් වෙයි

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ලක සැකකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් දයාවන් රත්නායක සහ දෙහිවල සත්වෝද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුර ද සිල්වා යන අයට එරෙහි පැමිණිල්ල විභාග කිරීමේ කටයුතු වලින් තමා ඉවත් වන බව කොලඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද ප්‍රකාශ කළා.

රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ අලි තුන් දෙනෙකු වනජීවී භාරයේ රඳවා සිටියදී අධිකරණ නියෝගයකින් තොරව යළි ඔවුන්ගේ භාරකරුවන්ට බාර දීමට එරෙහිවයි මෙම නඩුව විභාග වන්නේ.

අදාළ පැමිණිල්ල අද කැදවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ පුද්ගලික හේතුවක් මත තමා මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල වැඩිදුර කටයුතු කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

පැමිණිල්ල කැදවු අවස්ථාවේදී පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේ මෙහි සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවට අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඤාවක් ලබාදී ඇති බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල ජූලි මස 26 වනදා කැඳවීමට ද අධිකරණය නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16