spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලි නඩුවකින් මහේස්ත්‍රාත්වරයෙක් ඉවත් වෙයි

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ලක සැකකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් දයාවන් රත්නායක සහ දෙහිවල සත්වෝද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුර ද සිල්වා යන අයට එරෙහි පැමිණිල්ල විභාග කිරීමේ කටයුතු වලින් තමා ඉවත් වන බව කොලඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද ප්‍රකාශ කළා.

රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ අලි තුන් දෙනෙකු වනජීවී භාරයේ රඳවා සිටියදී අධිකරණ නියෝගයකින් තොරව යළි ඔවුන්ගේ භාරකරුවන්ට බාර දීමට එරෙහිවයි මෙම නඩුව විභාග වන්නේ.

අදාළ පැමිණිල්ල අද කැදවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ පුද්ගලික හේතුවක් මත තමා මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල වැඩිදුර කටයුතු කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

පැමිණිල්ල කැදවු අවස්ථාවේදී පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේ මෙහි සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවට අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඤාවක් ලබාදී ඇති බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල ජූලි මස 26 වනදා කැඳවීමට ද අධිකරණය නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?