අලි තුන්දෙනෙකු ගැන නියෝගයක්

හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සහ සත්වෝද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා යන දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (24) පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබෙනවා.

අධිකරණයෙන් රාජසන්තක කරන ලෙසට නියෝග කර තිබූ කණ්ඩුල, කංචන, මංගල නමැති අලි තිදෙනා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත අලියෙකු සම්බන්ධ නඩුවක වරදකරුවෙකු වී දඩුවම් නියම වූ පුද්ගලයෙකුට බාර දුන් බවටයි ඔවුන් දෙදෙනාට චෝදනා එල්ලවී ඇත්තේ.

පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා විසින් අලි තිදෙනා සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය පිළිබඳ අධිකරණයට දැනුම් දෙමින් පවසා සිටියේ අදාළ පුද්ගලයන් දෙදෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ නියෝග ප්‍රකාරව කටයුතු කළේ නම් මෙම අලි තිදෙනා නීත්‍යානුකූලව බාර දිය යුතු වන්නේ අමරපුර නිකාය, දවුල්දෙන ඥාණිස්සර හිමියන්ගේ පරපුරට සහ කොල්ලුපිටිය පොල්වත්ත විහාරස්ථානයේ පරපුරට බවත් හිටපු සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිල්වා සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රත්නායක යන මහත්වරුන් මෙහිදී වරදක් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇතැයි වික්‍රමසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
කාටත් කරන්න බැරි සුද්දයක් තමයි අනුර දැන් කරන්නේ
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39