spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලි තුන්දෙනෙකු ගැන නියෝගයක්

හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සහ සත්වෝද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා යන දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (24) පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබෙනවා.

අධිකරණයෙන් රාජසන්තක කරන ලෙසට නියෝග කර තිබූ කණ්ඩුල, කංචන, මංගල නමැති අලි තිදෙනා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත අලියෙකු සම්බන්ධ නඩුවක වරදකරුවෙකු වී දඩුවම් නියම වූ පුද්ගලයෙකුට බාර දුන් බවටයි ඔවුන් දෙදෙනාට චෝදනා එල්ලවී ඇත්තේ.

පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා විසින් අලි තිදෙනා සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය පිළිබඳ අධිකරණයට දැනුම් දෙමින් පවසා සිටියේ අදාළ පුද්ගලයන් දෙදෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ නියෝග ප්‍රකාරව කටයුතු කළේ නම් මෙම අලි තිදෙනා නීත්‍යානුකූලව බාර දිය යුතු වන්නේ අමරපුර නිකාය, දවුල්දෙන ඥාණිස්සර හිමියන්ගේ පරපුරට සහ කොල්ලුපිටිය පොල්වත්ත විහාරස්ථානයේ පරපුරට බවත් හිටපු සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිල්වා සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රත්නායක යන මහත්වරුන් මෙහිදී වරදක් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇතැයි වික්‍රමසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?