අල්ලස් ගත් රාජ්‍ය නිලධාරිණිය රිමාන්ඩ්

කුරුණෑගල ප්‍රදේශයේ ඉඩමක් වෙනුවෙන් රජයට ගෙවිය යුතුව තිබූ රුපියල් 240,000ක හිඟ මුද්දර ගාස්තුව රුපියල් ලක්ෂය දක්වා අඩුකරදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරිනියක් අප්‍රේල් මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (23) නියෝග කළා.

කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර නිලධාරිනිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

පැමිණිලිකාර පුද්ගලයා 2022 වර්ෂයේ දී කුරුණෑගල ප්‍රදේශයෙන් ඉඩමක් මිලදීගෙන ඇති බවත් ඒ අනුව 2025 දක්වා කාලයට අදාළ ව රුපියල් දෙලක්ෂ හතලිස් දහසක හිඟ මුද්දර ගාස්තුවක් රජයට ගෙවීමට තිබී ඇති බව ද විමර්ශන නිලධාරිහු අධිකරණයට දැන්වූවා.

එම හිඟ මුද්දර ගාස්තු මුදල රජයට ගෙවිය යුතු බව සඳහන් කරමින් වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මගින් පැමිණිලිකාර පුද්ගලයාට ලිඛිතව කළ දැනුම් දීමක් අනුව ඔහු එම දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇති බවත් එසේ ගිය අවස්ථාවකදී සැකකාර කාන්තාව එම හිඟ මුද්දර ගාස්තුව රුපියල් අසූ දහස දක්වා අඩුකර දිය හැකි බවත් ඒ වෙනුවෙන් තමන්ට රුපියල් පනස්දහසකක මුදලක් ලබාදෙන ලෙසට ඇය පැමිණිලිකරුගෙන් ඉල්ලා ඇති බව ද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වූ බවයි වාර්තාවන්නේ.

තම ස්වාමිපුරුෂයාගේ රූප ස්වභාවය ද පැමිණිලිකරුගේ රුව හා සමාන බැවින් තමන්ට රුපියල් පනස්දහසක මුදලක් පමණක් ලබාදෙන ලෙසත් එය කාර්යාලයේ මේසය මත තිබෙන පොතක් ඇතුළට දමන ලෙසට සැකකාර කාන්තාව පැමිණිලිකරුට දන්නා ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම්දුන්නා.

ඒ අනුව පැමිණිකාර පුද්ගලයා අදාළ මුදල සැකකාරිය දැනුම් දුන් ස්ථානයේ තබා ඇති බවත් එසේ තබන ලද මුදල සැකකාර කාන්තාව ලබා ගත් අවස්ථාවේ දී උපාය දූතයන් වශයෙන් කටයුතු කළ විමර්ශන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව ද පැමිණිල්ල මෙහෙය වූ විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
6
+1
82
+1
4
+1
9
+1
7
+1
5
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?