AFC Banner
Empty Ad
Empty Ad

අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට පහරදීම ගැන වාර්තාවක් දෙන්න – අධිකරණය

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකුට බන්ධනාගාරය තුළ දී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සැකකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් බොරැල්ල පොලිසියට වැඩිදුරටත් නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?