AFC Banner
Empty Ad
Empty Ad

අල්ලස් ගත් පොලිස් පරීක්ෂකගේ හා කොස්තාපල්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) තීන්දු කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව අදාළ සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙහිදී මෙම සැකකරුවන් විසින් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන මුදල් ද අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

මාර්ගගත මුදල් ගනුදෙනුවකට අදාළව සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 154200/- අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට මෙම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?