අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමට එරෙහිව පෙත්සම් තුනක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් ගොනුකර තිබෙනවා.

බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෙකුවන විදුර රැළපනාව, මාධ්‍යවේදීනී රුවනි ෆොන්සේකා සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, එහි නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරනු ලැබූ ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ දූෂණ විරෝධී පනතේ 19 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරනු ලබන පුද්ගලයා නීතිඥයෙකු විය යුතු අතර, ඔහුට අපරාධ නඩු කටයුතු මෙහෙයවීම පිළිබඳව වසර 15ක පළපුරුද්දක් තිබිය යුතු බවයි.

මේ වන විට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්කර සිටින විජයරත්න අධිකරණ නිලධාරියකු වුවද ඔහු එම මූලික සුදුසුකම සපුරා නොමැති බවත් පෙත්සම්වලින් පෙන්වා දී ඇති අතර, මෙම නව පත් කිරීම සිදුකිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යස්ථදායක සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන් වෙත පැවරී තිබෙන වගකීම නිසියාකාරව ඉටුකිරීම පැහැර හැර තිබෙන බවත් චෝදනා කර තිබෙනවා.

ඒ, අනුව අදාළ පත්කිරීම තුළින් වග උත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කොට තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරනු ලැබූ ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න එම ධුරයේ කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03