නැගෙනහිර පළාතේ සංඝනායක හිමිනමකගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරය යන පුවත සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ අදාළ හිමිනමගේ ආක්ෂාව සඳහා ඇමති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් යොදවා සිටි බවයි.
අතිරේක නිලධාරීන් කළමනාකරණය සිදුකර මෙම නිලධාරීන් කොළඹ ඇමති ආරක්ෂක ඒකකයේ සිට මෙම රාජකාරිය සඳහා මුදාහැර අදාළ හිමිනමගේ ආක්ෂක කටයුතු සිදුකරගෙන ගිය බවයි පොලිසිය සඳහන් කරන්නේ.
කොළඹ සිට නැගෙනහිර ප්‍රදේශයට අදාළ නිලධාරීන් යෙදවීමේ දී පරිපාලන ගැටළුවක් ඇති වූ බව පවසන පොලිසිය, ඒ හේතුවෙන් අදාළ පොලිස්බල ප්‍රදේශයේ පොලිසිය මගින් එම හිමිනමට ආරක්ෂාව සැපයීමට ආ යෝජනාවක් මත එම කටයුතු සැලසුම් කළ නමුත් කිසිඳු අවස්ථාවක ආරක්ෂාව ඉවත්කර නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
ඒඅනුව එම හිමිනමට ලබාදී තිබූ ආරක්ෂාව පෙරපරිදිම ලබාදීම සඳහා කටයුතු සිදුකර ඇති බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.
උතුරු නැගෙනහිර දෙපළාතේ හා තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලවංශ හිමියන්ට (අරිසිමලේ නා හිමියන්ට) යොදවා තිබූ පොලිස් ආරක්ෂාව ඉවත්කර ඇති බවට පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සහ හඬපට සංසරණය වුණා.




