අරිසිමලේ නා හිමියන්ගේ ආරක්ෂාව ඉවත්කරලා ද ? – පොලිසියෙන් විශේෂ නිවේදනයක්

නැගෙනහිර පළාතේ සංඝනායක හිමිනමකගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරය යන පුවත සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ අදාළ හිමිනමගේ ආක්ෂාව සඳහා ඇමති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් යොදවා සිටි බවයි.

අතිරේක නිලධාරීන් කළමනාකරණය සිදුකර මෙම නිලධාරීන් කොළඹ ඇමති ආරක්ෂක ඒකකයේ සිට මෙම රාජකාරිය සඳහා මුදාහැර අදාළ හිමිනමගේ ආක්ෂක කටයුතු සිදුකරගෙන ගිය බවයි පොලිසිය සඳහන් කරන්නේ.

කොළඹ සිට නැගෙනහිර ප්‍රදේශයට අදාළ නිලධාරීන් යෙදවීමේ දී පරිපාලන ගැටළුවක් ඇති වූ බව පවසන පොලිසිය, ඒ හේතුවෙන් අදාළ පොලිස්බල ප්‍රදේශයේ පොලිසිය මගින් එම හිමිනමට ආරක්ෂාව සැපයීමට ආ යෝජනාවක් මත එම කටයුතු සැලසුම් කළ නමුත් කිසිඳු අවස්ථාවක ආරක්ෂාව ඉවත්කර නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

ඒඅනුව එම හිමිනමට ලබාදී තිබූ ආරක්ෂාව පෙරපරිදිම ලබාදීම සඳහා කටයුතු සිදුකර ඇති බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

උතුරු නැගෙනහිර දෙපළාතේ හා තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලවංශ හිමියන්ට (අරිසිමලේ නා හිමියන්ට) යොදවා තිබූ පොලිස් ආරක්ෂාව ඉවත්කර ඇති බවට පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සහ හඬපට සංසරණය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17