අර්බුදයෙන් ගොඩඒමට ශ්‍රී ලංකාව දරණ උත්සාහය IMF කළමණාකාර අධ්‍යක්ෂවරියගේ පැසසුමට

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අතර හමුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ (07) පවත්වා තිබෙනවා.

2023 මාර්තු මාසයේ දී ආරම්භ වූ මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමට (EFF) අදාළ ගිවිසුමේ අඩක් සාර්ථකව නිමකර ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරුණා.

මෙම හමුව අතරතුර, 2022 වසරේ මුහුණ දුන් ව්‍යවසනකාරී ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද අඛණ්ඩ සහාය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය කෘතවේදීත්වය පළකර සිටියා.

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, සාර්ව ආර්ථික ස්ථායිතාව සවිමත් කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහායවීම සහ පාලනය ශක්තිමත් කිරීම ආදී අංශවලින් ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි දී කළමනාකාර අධ්‍යක්ෂවරයා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයෙන් ලද සහයෝගය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙහිදී ඇගයීමට ලක් කළා.

ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා මධ්‍යයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ දරා ගැනීමේ හැකියාව සහතික කිරීම සඳහා මෙම අඛණ්ඩ සහයෝගිතාවේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

සාර්ව ආර්ථික ස්ථායීතාව සහතික කිරීම සහ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ තුන් වන සමාලෝචනය සම්පූර්ණ කිරීම මෙන්ම බැඳුම්කර හුවමාරුව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් ක්‍රිස්ටලිනා ජෝර්ජිවා, ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක් කළා.

ප්‍රධාන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ දී ශ්‍රී ලංකාව දරණ ලද උත්සාහය කළමනාකාර අධ්‍යක්ෂවරියගේ පැසසුමට ලක් වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික න්‍යාය පත්‍රයට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කැප වීම යළි තහවුරු කළා.

විශේෂයෙන් ඉහළ ගෝලීය අවිනිශ්චිතතා, ගෝලීය ආර්ථික වර්ධනයෙහි මන්දගාමිත්වය සහ ගෝලීය ණය මට්ටම් ඉහළ යාම හමුවේ යහපාලන රාමු සමඟ සාර්ව ආර්ථික මූලධර්ම ශක්තිමත් කිරීමේ වැදගත්කම ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මෙහිදී අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ශක්තිමත් ජනවරම පිළිබිඹු කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන සමඟ තවදුරටත් ඉදිරියට යාමට සහ එකඟ වූ ඉලක්ක ජනතාවගේ අභිමතාර්ථයන්ට යටත්ව සම්පූර්ණ කර ගැනීමේ සූදානම ජනාධිපතිවරයා මෙහිදී යළි තහවුරු කළා.

ඒ වෙනුවෙන් දුප්පතුන් නඟා සිටුවීම සඳහා අවැසි යාන්ත්‍රණ ක්‍රියාත්මක වන අතරම සුබසාධන වියදම් ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් බව ජනපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

විදුලිබල ක්ෂේත්‍රය ආදියෙහි විධිමත් පාලනය සහ පිරිවැය-ප්‍රතිසාධන මිලකරණය මගින් රජය සතු ව්‍යවසායන් වැඩිදියුණු කිරීම සඳහා රජයේ කැපවීමද ජනාධිපතිවරයා අවධාරණය කළ අතර; ණය අවදානම අවම කිරීම සහ තිරසාර හා සාර්ව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් විදේශ සෘජු ආයෝජන සහ සහාය ලබා ගැනීමේ වැදගත්කම ද ඔහු මෙහි දී පෙන්වා දුන්නා.

විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ ඉතිරි සමාලෝචන සාර්ථකව නිම කිරීමට රජය දක්වන කැපවීම ජනාධිපතිවරයා මෙහිදී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා වෙත සහතික කර සිටියා.

අනාගතය දෙස බලන විට, ශ්‍රී ලංකාව තිරසාර හා සමානාත්මතා සංවර්ධනයක් කරා තීරණාත්මකව යොමු කිරීමේ වැඩසටහන යටතේ ඇති ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය නොපිරිහෙලා ඉටු කිරීමේ අවශ්‍යතාව ජෝර්ජිවා මහත්මිය මෙහිදී අවධානයට ලක් කළා.

විශේෂයෙන් තාක්ෂණයේ සහ භූ දේශපාලනයේ වේගවත් ගෝලීය වර්ධනයන් සැලකිල්ලට ගෙන, තිරසාර ලෙස යළි යථා තත්ත්වයට පත් වීමේ ක්‍රියාවලියෙහි අභියෝගාත්මක බව ඇය පිළිගත් අතර ශ්‍රී ලංකාවේ ස්ථිර හවුල්කරුවෙකු ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි භූමිකාව ද පැහැදිලි කළා.

සියලු ක්ෂේත්‍ර ඇතුළත් සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අඛණ්ඩව සූදානම් බවද ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අවධාරණය කළා.

ශ්‍රී ලංකාව සඳහා තිරසාර ස්ථාවරත්වයක් අත් කර ගැනීම සඳහා අඛණ්ඩ සංවාදයක් සහ සහයෝගීතාවක අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙහිදී ද්වීපාර්ශ්වික වශයෙන් එකඟ වුණා.

සමෘද්ධිමත් සහ තිරසාර අනාගතයක් සඳහා එක් ව කටයුතු කිරීමට අන්‍යෝන්‍ය වශයෙන් කැපවීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?