අර්ච්චුනාගේ කල්කිරියාව විමර්ශනයට පත්කළ කමිටුවේ වාර්තාව සභාගත කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සභාගත කරන බව කතානායකවරයා නිවේදනය කරනවා.

මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා වෙත ලද පැමිණිලි සැළකිල්ලට ‍ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා තමා විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව සභාගත කරන බව කතානාය වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකරගේ සභාපතිත්වයෙන්, විජිත හේරත්ගේ සහ ආර්.එම්. රංජිත් මද්දුම බණ්ඩාරගේ සාමාජිකත්‍‍වයෙන් මෙම කමිටුව සමන්විත වූ බවත්; කතානායකවරයා නිවේදනය කර සිටියා.

එමෙන්ම මෙම වාර්තාව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?