ගාලු මුවදොර පිටියේ විරෝධතාවයට මේ වන විට මාසකට වැඩි කාලයක් මෙම අරගලයේ නිරතවන අරගලකරුවන් අතරින් නියෝජිතයින් දෙදෙනෙකු කැඳවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (13) එම කොමිසම හමුවට කැඳවනු ලැබුවා.
අදාළ සිදුවීම් මාලාව පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් ගත් පියවර සම්බන්ධයෙන් ඔහු විසින් දීර්ඝ ලෙස පැහැදිලි කිරීමක් සිදුකළ බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළා. එම හෙළිදරව් වූ කරුණු මත ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත අරගලකරුවන් අතරින් නියෝජිතයින් දෙදෙනෙකු කැඳවා කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැවසීය.




