Indian Premier League

අයිෆල් කුලුනේ සවිකළ ඔලිම්පික් ලාංඡනය දිගටම තියෙයි ද

නිමා වූ පැරිස් ඔලිම්පික් උලෙළ වෙනුවෙන් අයිෆල් කුළුන මත සවිකළ ඔලිම්පික් ලාංඡනය අයිෆල් කුළුණේ තබා ගැනීමට අවශ්‍ය බව පවසමින් උණුසුම් විවාදයක් මේ වනවිට ඇතිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැරිස් නගරාධිපති ඈන් හිඩාල්ගෝ පැවසුවේ තීරණය තමන් සතු බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ එකඟතාවය මා සතුව ඇති බවයි.

ඒ, අනුව ගිම්හාන ක්‍රීඩා උළෙල අවසන් වූ පසු ලාංඡනය තව දුරටත් අයිෆල් කුළුන මත රැඳී සිටිනු ඇති බවයි නගරාධිපතිනිය පැවසුවේ.

කෙසේ වෙතත් මෙම තීරණයට පක්ෂව සහඊට විරුද්ධව විවිධ පාර්ශ්ව මතපල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීටර් 29ක් පළල, මීටර් 15 උස සහ බර ටොන් තිහකින් යුත් මෙම මුදු පහ පසුගිය ජුලි 26 වනදා පැරිස් ඔලිම්පික් උළෙල විවෘත කිරීමට පෙර අයිෆල් කුළුන මත ස්ථාපනය කරනු ලැබුවා.

සැප්තැම්බර් 08 වනදා පැරා ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයෙන් පසුව එය ඉවත් කිරීමට අපේක්ෂා කළ නමුත් පැරිස් නගරාධිපතිනිය පැවසුවේ මහාද්වීප පහ සංකේතවත් කරමින් නිල්, කහ, කළු, කොළ සහ රතු යන අන්තර් සම්බන්ධිත වළලු පහකින් යුත් ඔලිම්පික් ලාංඡනය අයිෆල් කුලුනේ තබා ගැනීමට ඇයට අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් මේ වනවිට පැරිස් නගරාධිපතිනියගේ මෙම තීරණය පිළිබඳව පැරිස් නගරයේ පමණ නොව ප්‍රංශය තුළ ම දැඩි කතාබහක් මතුව ඇති මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?