අයිෆල් කුලුනේ සවිකළ ඔලිම්පික් ලාංඡනය දිගටම තියෙයි ද

නිමා වූ පැරිස් ඔලිම්පික් උලෙළ වෙනුවෙන් අයිෆල් කුළුන මත සවිකළ ඔලිම්පික් ලාංඡනය අයිෆල් කුළුණේ තබා ගැනීමට අවශ්‍ය බව පවසමින් උණුසුම් විවාදයක් මේ වනවිට ඇතිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැරිස් නගරාධිපති ඈන් හිඩාල්ගෝ පැවසුවේ තීරණය තමන් සතු බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ එකඟතාවය මා සතුව ඇති බවයි.

ඒ, අනුව ගිම්හාන ක්‍රීඩා උළෙල අවසන් වූ පසු ලාංඡනය තව දුරටත් අයිෆල් කුළුන මත රැඳී සිටිනු ඇති බවයි නගරාධිපතිනිය පැවසුවේ.

කෙසේ වෙතත් මෙම තීරණයට පක්ෂව සහඊට විරුද්ධව විවිධ පාර්ශ්ව මතපල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීටර් 29ක් පළල, මීටර් 15 උස සහ බර ටොන් තිහකින් යුත් මෙම මුදු පහ පසුගිය ජුලි 26 වනදා පැරිස් ඔලිම්පික් උළෙල විවෘත කිරීමට පෙර අයිෆල් කුළුන මත ස්ථාපනය කරනු ලැබුවා.

සැප්තැම්බර් 08 වනදා පැරා ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයෙන් පසුව එය ඉවත් කිරීමට අපේක්ෂා කළ නමුත් පැරිස් නගරාධිපතිනිය පැවසුවේ මහාද්වීප පහ සංකේතවත් කරමින් නිල්, කහ, කළු, කොළ සහ රතු යන අන්තර් සම්බන්ධිත වළලු පහකින් යුත් ඔලිම්පික් ලාංඡනය අයිෆල් කුලුනේ තබා ගැනීමට ඇයට අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් මේ වනවිට පැරිස් නගරාධිපතිනියගේ මෙම තීරණය පිළිබඳව පැරිස් නගරයේ පමණ නොව ප්‍රංශය තුළ ම දැඩි කතාබහක් මතුව ඇති මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22