අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සඟවා තිබූ තවත් ලොරි රථයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී අද (22) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලොරි රථය තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබිය දී පොලිස් නිලධාරින් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 200කට ආසන්න වන බවයි පොලිසිය පැවසුවේ.
මෙම ලොරි රථය තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ අද (22) උදෑසන මළ සිරුරු දෙක සොයාගත් නිවසේ නවතා තිබූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
අදාළ මළ සිරුරු දෙක සොයාගත් නිවසේ නවතා තිබූ තවත් බට්ටා වර්ගයේ ලොරි රථයක පිටුපස තිබී කිලෝග්‍රෑම් 10කට අධික අයිස් මත්ද්‍රව්‍ය මීට පෙර සොයාගත්තා.
මේ අතර අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් කොමඩු අතර සඟවා ප්‍රවාහනය කළ ලොරි රථයක් තංගල්ල – කතරගම මාර්ගයේ ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ දී අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණා.
එම මත්ද්‍රව්‍ය තොගය මේ වනවිට විදෙස් ගතව සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන උනාකූරුවේ ශාන්තගේ බවටයි පොලිසිය පවසන්නේ.
අදාළ ලොරි රථයයේ තිබී නවීන රිවෝල්වර් පහක් සහ T-56 වර්ගයේ ගිනි අවියක් ද පොලිසිය විසින් සොයාගත්තා.





