අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැටවූ තවත් ලොරියක් තංගල්ලෙන් අල්ලයි (වීඩියෝ)

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සඟවා තිබූ තවත් ලොරි රථයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී අද (22) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලොරි රථය තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබිය දී පොලිස් නිලධාරින් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 200කට ආසන්න වන බවයි පොලිසිය පැවසුවේ.

මෙම ලොරි රථය තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ අද (22) උදෑසන මළ සිරුරු දෙක සොයාගත් නිවසේ නවතා තිබූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අදාළ මළ සිරුරු දෙක සොයාගත් නිවසේ නවතා තිබූ තවත් බට්ටා වර්ගයේ ලොරි රථයක පිටුපස තිබී කිලෝග්‍රෑම් 10කට අධික අයිස් මත්ද්‍රව්‍ය මීට පෙර සොයාගත්තා.

මේ අතර අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් කොමඩු අතර සඟවා ප්‍රවාහනය කළ ලොරි රථයක් තංගල්ල – කතරගම මාර්ගයේ ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ දී අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණා.

එම මත්ද්‍රව්‍ය තොගය මේ වනවිට විදෙස් ගතව සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන උනාකූරුවේ ශාන්තගේ බවටයි පොලිසිය පවසන්නේ.

අදාළ ලොරි රථයයේ තිබී නවීන රිවෝල්වර් පහක් සහ T-56 වර්ගයේ ගිනි අවියක් ද පොලිසිය විසින් සොයාගත්තා.

  1. යකෝ මේ රටේ වැඩියෙන්ම තියෙන්නේ ice සහ කුඩු. දෙය්යනේ අනුර ප්‍රමුඛ රජයක් ආවේ නැතිනම් මෙදා ආයිත් ඉතින් අනාගත දරුවෝ සේරම මත් රකුසා විසින් ගිලගත්ත දරුවෝ ඉන්න රටක්.. සොම්බි රාජ්‍යක් එහෙනම් රාජපක්ෂලාව සේරම යවන්න සයිබීරියාවට නැතිනම් මේ රට බේරගන්න බැහැ. නලවන්න එපා ඕකුන්ව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41