spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

අයිස්ක්‍රීම් එකක් ඇතුළේ මිනිස් ඇඟිල්ලක කොටසක්

අයිස්ක්‍රීම් එකක් තුළ මිනිස් ඇඟිල්ලක කොටසක් හමුවීමෙන් පසු එම අයිස්ක්‍රීම් නිෂ්පාදකයාගේ බලපත්‍රය අත්හිට වූ පුවතක් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කරනවා.

පූනේ හි ඉන්දාපූර් හි පිහිටා ඇති එම අයිස්ක්‍රීම් නිෂ්පාදනාගාරය, ආහාර සුරක්ෂිතතා නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි මෙලෙස බලපත්‍රය අත්හිටුවා ඇත්තේ.

මලාඩ් වෙස්ට් හි වෛද්‍යවරයකු විසින් පසුගිය බදාදා රාත්‍රියේ මාර්ග යෙදවුමක් (ඇප් එකක්) ඔස්සේ අයිස්ක්‍රීම් තුනක් ඇනවුම් කර තිබෙනවා.

එලෙස ඇනවුම් කළ අයිස්ක්‍රීම්වලින් එකක් ආහාරයට ගැනීමේ දී තමාගේ මුඛයට අසාමාන්‍ය දෙයක් දැනුණු බවත්, එය පරීක්‍ෂා කළ විට ඇඟිල්ලක කොටසක් අයිස්ක්‍රීම් එකේ තිබී හමු වූ බවත් වෛද්‍යවරයා පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන්.

මේ අතර ඉන්දියාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ප්‍රසිද්ධ සමාගමක් මඟින් වෙළඳපොළට නිකුත් කරන අයිස්ක්‍රීම් ඇසුරුමක් තුළින් හැකරැල්ලෙක් හමුවූ පුවතක් ද එරට මාධ්‍ය ඊයේ දිනයේ වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
7
+1
48
+1
3
+1
5
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?