පසුගිය සතියේ ඇමරිකානු ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවක් වන අයිරිස් ඩෙනා හි මණ්ඩල සාමාජිකයින් 104 දෙනෙකු මිය ගොස් තවත් 32 දෙනෙකු තුවාල ලැබූ බව ඉරාන හමුදාව ඊයේ (08) ප්‍රකාශ කළා.
ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA ට අනුව,පසුගිය 04 වන දින ඉන්දියාවේ පැවති නාවික අභ්‍යාසවලින් අනතුරුව ආපසු යමින් සිටියදී ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී එක්සත් ජනපද නාවික හමුදාව විසින් නෞකාවට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල වී තිබුණා.
එහිදී තුවාල ලබා සිටි 32 දෙනෙක් බේරාගෙන ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටි 22 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටත්කර යවා තිබෙනවා.
මේ අතර අයිරිස් ඩෙනා නෞකාවේ සිට මියගිය බව කියන පුද්ගලයින් 84 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකියාව ලැබුණා.
එම මෘත දේහයන් පිළිබඳ පශ්චත් මරණ පරීක්ෂණ කටයුතු පසුගියදා කරාපිටිය රෝහලේදී සිදු කෙරුණා.



