අයියා මල්ලී මාරුවී සිදුවූ බහින් බස් වීමකින් අයියා අවසන් ගමන් යයි

එකම හැඩරුවෙන් යුත් සහෝදරයන් දෙදෙනා මාරුවීමෙන් සිදුවූ බහින් බස් වීම දුරදිග යාමෙන් අනතුරුව අයියාට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ බස් රථ වල සින්දු කියන්නෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ වැල්ලම්පිටිය වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි මංජුල වසන්ත පුෂ්පකුමාර (51) යන අයයි.

මීට සතියකට පමණ ඉහත දී සැකකරු විසින් ඔහුට අයත් කැසට් යන්ත්‍රයක් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මල්ලිට උකස්කර රුපියල් පන්සීයක් ලබාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකාර පුද්ගලයා එය බේරා ගැනීම සඳහා ඊයේ (22දා) පැමිණි අවස්ථාවේදී එකම හැඩරුවින් යුත් අයියා පමණක් නිවසේ සිට ඇති අතර ඒ පිළිබඳව නොදැන සිටී සැකකරු සිය උකස් තබන ලද කැසට් යන්ත්‍රය ලබාදෙන ලෙස පවසා රුපියල් 500 එම පුද්ගලයා වෙත ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී මරණකරු විසින් මොන කැසට් යන්ත්‍රය ද බං යයි පවසා ඇති අතර එම අවස්ථාවේදී සැකකරු හා මරණකරු අතර බහින් බස්වීම දුරදිග යාමෙන් අනතුරුව සැකකාර සින්දු කියන්නා විසින් සඟවාගෙන සිටි තියුණු ආයුධයෙන් මරණකරුගේ පිට ප්‍රදේශයට ඇන පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

බරපතළ තුවාල ලද පුද්ගලයා ඒ මොහොතේම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විට ඔවුන් මියගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා තිබූ විශේෂ පොලිස් කණ්ඩායම විසින් සැකකරු බස් රථයක සින්දු කියමින් සිට යාබද බස් රථයට ගොඩවීමට යාමේදී අත්අඩංගුවට ගැනීමට සමත්වූ බව පොලිසිය කියයි.

ඒ වන විටත් සැකකරු ඔහු පිහියෙන් අනින ලද පුද්ගලයා කැසට් යන්ත්‍රය උකස් ලබාගත් පුද්ගලයා නොවන බවත් හෝ ඔහු මිය ගිය බවක් නොදැන සිටි බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක විජේසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18