අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම ගම්පහට – නායයෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත්

පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කළු, කැළණි ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව කැළණි ගඟ නාගලගම් වීදියෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින අතර, කැළණි ගඟ හංවැල්ල ප්‍රදේශයෙන් ද අවදානම් මට්ටමේ පවතිනවා.

එමෙන්ම අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇති අතර, බද්දේගමින් ගිං ගඟ ද, අවදානම් මට්ටමේ පවතින බවයි වාර්තා වුණේ.

මීට අමතරව කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ ද මිල්ලකන්ඳ සහ පුටුපවුල ප්‍රදේශවලින් සුළු ගංවතුර මට්ටමකට පැමිණ තිබෙනවා.

මේ අතර අද (13) උදෑසන විට ගම්පහ නගරයේ ජලය බැස යමින් පවතින බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත් ගම්පහ නගරයේ කොටසත් තවමත් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පහ – ගනෙමුල්ල, ගම්පහ – ජාඇල ප්‍රධාන මාර්ග ගම්පහ කිරිඳ විට ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් තවමත් වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර දිස්ත්‍රික්ක අටක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තව දුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ,

කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්ක අටට අයත්.

පවතින වර්ෂාපතනය යම් තරමක අඩුවක් දක්නට ලැබුණ ද පස ජලයෙන් සන්තෘප්ත නිසා අවදානම් තත්ත්වය පහව ගොස් නැති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැවසුවේ.

මේ අතර දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (12) පස්වරුව වනවිට පවුල් 18,795කට අයත් පුද්ගලයින් 76, 218 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දුන්නේ.

වැඩිම හානි ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව, 68 672ක්.

මේ අතර ජලයෙන් යටවීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුමේ සිට කඩවත දෙසට ඇතුලුවීමේ සහ පිටවීමේ පිවිසුම තවදුරටත් වසා තැබෙන බවයි වාර්තා වුණේ.

ඊට අමතරව තුම්මෝදර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ද, ලුණුවිල දක්වා තවමත් සීමාකර තිබෙනවා.

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40