දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් 134,484 දෙනෙක් පීඩාවට පත් ව ඇති බවයි.
ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 82,839ක්.
මේ අතර නිවාස 240කට අර්ධ හානි සිදුවී ඇති අතර, එක් නිවසක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බව වාර්තා වන්නේ.
එමෙන්ම පවුල් 1,751 කට අයත් පුද්ගලයින් 6,954 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 81ක රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 08ක් සඳහා නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්කයි.














