අයහපත් කාලගුණයෙන් ජීවිත 03ක් අහිමිවෙයි – 134,484ක් පීඩාවට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් 134,484 දෙනෙක් පීඩාවට පත් ව ඇති බවයි.

ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 82,839ක්.

මේ අතර නිවාස 240කට අර්ධ හානි සිදුවී ඇති අතර, එක් නිවසක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බව වාර්තා වන්නේ.

එමෙන්ම පවුල් 1,751 කට අයත් පුද්ගලයින් 6,954 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 81ක රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 08ක් සඳහා නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්කයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18